කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (19) පස්වරු 1.30 සිට අද රාත්‍රී 11.30 දක්වා එම නිවේදනය වලංගු බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සහ එම ප්‍රදේශයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share this: