ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්,දිවයින පුරා විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව සදහන් වෙයි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවර එළිය,මාතලේ,පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී100-150 පමණ තද වැසි ද සබරගමු සහ බස්නාහිර පළාත්වලත් මහනුවර,හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මී.මි75-100 පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බව වාර්තා වෙයි
උතුරු මැද වයඹ මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි විය හැකි බව ද කාළගුණ දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
Share this: