ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දේශපාලන හා වෙළෙඳ ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාම්බෝජ රාජ්‍ය සංචාරයට සමඟාමීව මෙම ගිවිසුම් සඳහා අත්සන් කිරීම ඊයේ (8) සිදුකෙරුණු අතර දේශපාලන උපදේශනය පිළිබඳ එකඟතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා අත්සන් තැබූ අතර කාම්බෝජ රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු ලේකම්වරයා අත්සන් තැබීය.
කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කාම්බෝජ අගමැති සම්ඩෙච් අකා මොහා සෙනා මහත්වරු අතර හමුව ඊයේ (8) පස්වරුවේ සිදුවිය.
කාම්බෝජයේ අගමැති කාර්යාලය වන සාම මන්දිරයේ දී මෙම හමුව සිදුවූ අතර කාම්බෝජ අගමැතිවරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබීය. අතීතයේ සිටම ඉහළ මට්ටමෙන් පැවති දෙරට අතර ආගමික හා සංස්කෘතික සබැදියාව මෙහිදී සිහිපත් කළ කාම්බෝජ අගමැතිවරයා එම ඓතිහාසික සබැඳියාව පදනම් කරගනිමින් දෙරට අතර සංචාරක සහ වෙළෙඳ කටයුතු ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ.
දෙරට අතර සෘජු ගුවන් සේවා ඇතිකර ගැනීම පිළිබව ද මෙහිදී විශේෂ අවධානයට ලක්වූ අතර ඉදිරියේ දී සිවිල් ගුවන් සේවා පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළහ. එමෙන්ම ආර්ථික, වෙළෙද ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවත් අධ්‍යාපනික සහ තරුණ අත්දැකීම් හුවමාරු වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් නායකයෝ සාකච්ඡා කළහ.
එමෙන්ම පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ත්‍රස්ත සිදුවීම පිළිබඳව කණගාටුව පළකිරීමට ද කාම්බෝජ අගමැතිවරයා මෙහිදී කටයුතු කළේය. නායකයන් අතර හමුවෙන් පසුව ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබිණි. ඒ අනුව දේශපාලන උපදේශනය පිළිබඳ එකඟතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා අත්සන් තැබූ අතර කාම්බෝජ රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු ලේකම්වරයා අත්සන් තැබීය. ශ්‍රී ලංකා කාම්බෝජ ජාතික කවුන්සිලයක් පිහිටුවීමට අදාළ ගිවිසුමට දෙරටේ වානිජ මණ්ඩල සභාපතිවරු අත්සන් තැබූහ.