පසුගිය 19දා පස්වරුවේ බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ගබඩා කාමරයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගන්නා ලදී.
එම පාසලේම සනීපාරක්ෂක සේවිකාවක ලෙස කටයුතු කර ඇති කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස හමුවිණ.
එම කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
මියගිය කාන්තාව සමග අනියම් සබඳතාවක් පැවැත්වු පුද්ගලයෙකු සහ අදාළ පාසලේ ආරක්ෂක නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Share this: