කාන්තා දිනය වෙනුවෙන් කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද ගුවන් ගමනක්!

කාන්තා දිනය වෙනුවෙන් කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද ගුවන් ගමනක්!

ශ්‍රීලංකන් ගුවන් සේවය ඊයේ (08) සමරනු ලබන 2023 කාන්තා දිනයේදී සමස්ත කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද ගුවන් ගමනකින් ගුවන් සේවයේ කාන්තා බලය සැමරීය.

UL131 දරණ ගුවන් යානය ඊයේ උදෑසන ඉන්දියාවේ ට්‍රිචි බලා පිටත් වූ බව එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එහි සේවය කළේ කපිතාන් චාමික රූපසිංහ විසිනි. පළමු නිලධාරි බිමලී ජීවන්දර, රෝෂානි දිසානායක, මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල, සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ යන සේවක කනතාවන් ඇතුලත් විය.

Share this: