ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා බල මන්ඩලයේ සභාපති වරිය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු මහ දිසාපතිනී ප්‍රේමා දිසානායක මහත්මිය අද දින (2021/10/17) පැවති දිස්ත්‍රික් බල මන්ඩලයේ දී නිතරගයෙන් තේරී පත්විය.
එතුමිය රාජ්‍යය පරිපාලන සේවයේ විශ්‍රාම ලත් ජේෂ්ඨ නිලධාරිනියකි
මේවන විට කාන්තා අයිතීන් හා සමාජ සේවාවන් වෙනුවෙන් ප්රමුඛ කාර්යය භාරයක් ඉටු කරමින් සිටි.
මෙම බල මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Share this: