කාන්තාව මරුට – 22ට තුවාලයි

කාන්තාව මරුට – 22ට තුවාලයි

රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 22 දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුර මහිංයගණය – පොළොන්නරුව මාර්ගයේ සඳුන්පුර ප්‍රදේශයේදී සිදුවු බව වාර්තා වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවක් අතර, තුවාල ලැබුවන් අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු සිටින බව කියැවෙයි.

තවද, අනතුරෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනාද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: