කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කෙරූ ඇෆ්ගනිස්තානය!

කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කෙරූ ඇෆ්ගනිස්තානය!

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සදහා විශ්වවිද්‍යාල තහනම් කරන බව තලේබාන් සංවිධානය නිවේදනය කර තිබේ.

නැවත දැනුම් දෙන තුරු කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම වහාම තහනම් කරන බව එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

රටෙහි බොහෝ ද්විතීයික පාසල්වලින් කාන්තාවන් බැහැර කර ඇති අතර, විධිමත් අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට ඇති ප්‍රවේශය තවදුරටත් සීමා කර ඇත.

මීට මාස තුනකට පෙර ඇෆ්ගනිස්ථානයේ විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා දැරියන් සහ කාන්තාවන් විශාල පිරිසක් පෙනී සිටි බව පැවසේ.

එහෙත් ඒවා පශු වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ කෘෂිකර්මාන්තයට සීමා කර නොතිබූ අතර, ජනමාධ්‍ය විෂය හැදෑරීමට දැඩි ලෙස සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share this: