කාන්තාවන්ට දිරිදෙන්න රනිල් පෙරට එයි!

කාන්තාවන්ට දිරිදෙන්න රනිල් පෙරට එයි!

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ණය කල් දැමීමේ හැකියාව අධ්‍යයනය කර ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ කාන්තා ව්‍යවසායකයින් ඇගයීම සඳහා 01/11 වැනිදා පස්වරුවේ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය කිංග්ස්බරි හෝටලයේ පැවැති ‘ප්‍රතිභා අභිෂේක 2022’ උත්සවයට එක්වෙමිනි.

Share this: