කාන්තාවකගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරනවා යැයි තර්ජනය කර මිලියන 2.6කට අධික මුදලක් ලබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සැකකරු කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යවල සහ වින්දිතයාගේ සැමියා සමඟ බෙදා ගන්නා බවට තර්ජනය කර ඇති අතර, සැකකරුගේ බැංකු ගිණුමට අවස්ථා කිහිපයකදී මුදල් තැන්පත් කිරීමට ඇයව පොළඹවා ඇත.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියක වන මෙම කාන්තාව අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇය තම අනියම් පෙම්වතා සමඟ නිරුවත් ඡායාරූප හුවමාරු කර ගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
Share this: