අන්තවාදීන් මිනිසුන් කඩුවලින් කැපුවා,ගල් මුල්වලින් පහර දුන්නා, දණ ගැස්සුවා
ත‍්‍රස්තවාදියකු අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විශේෂ තේරීම් කාරක සභාවේදී කියයි
මිනිසුන් කඩුවලින් කපමින්, ගල්මුල්වලින් පහර දෙමින්, දණගස්වමින් සිටින ඡුායාරූපද සහිතව කාත්තන්කුඩිවල සිදුවන අන්තවාදී ක‍්‍රියා පිළිබඳව මව්ලවි සහලාන් විසින් නීතිපති වෙත ඉදිරිපත් කරන ලද ලිපිගොනු පිළිබඳව විමර්ශනයක් කරන ලෙසට පොලිස්පතිට කළ දැනුම් දීමට මේ වන තෙක් පොලිස්පතිවරයාගෙන් පිළිතුරක් ලැබී නැතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.
පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ කීය.
පොලිස්පතිවරයාට ඒ පිළිබඳව 2017.06.22 වැනිදා දැනුම්දුන් බවත් දිලීප පීරිස් මහතා පැවසීය.
හිදෙහුල් භාරයේ සහලාන් මව්ලවි විසින් ලබාදුන් එම ලිපි ගොනුවෙන් ඔහු ඉල්ලා සිටියේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික ඒකග‍්‍රතාවයට හානි කරන මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නතරකර දෙන ලෙස බවත් පීරිස් මහතා කීය.
එදින කළ දැනුම් දීමට පොලිස්පතිවරයා හෝ නීතිය ක‍්‍රියාත්මක කරන කිසිදු ආයතනයකින් මේ වන තෙක් පිළිතුරක් ලබාදී නැති බවත් අදාළ මව්ලවිද පොලිස්පතිවරයා වෙත ලිඛිතව මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවත් පීරිස් මහතා කමිටුව හමුවේ ප‍්‍රකාශ කළේය.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, ජාතික ඒකග‍්‍රතාවයටත් හානි කරමින් එම අන්තවාදීන් සිදුකරන ක‍්‍රියාවන් අතරේ ආගමික අන්තවාදය පතුරවමින් දේශන පවත්වමින් සිටින බවද මව්ලවි නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වූ බවද පීරිස් මහතා ප‍්‍රකාශ කළේය.
මව්ලවි එම ලිපිගොනු සහ ඡුායාරූප ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට 2017.03.27 වැනිදා ඉදිරිපත් කළ බවත් එහෙත් ඔවුන් මව්ලවිගෙන් ඒ පිළිබඳව ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේ වසර දෙකකට පසුව 2019.03.29 වීම පුදුමයට කරුණක් බවත් පීරිස් මහතා පැවසීය.
එසේම ත‍්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දෙනතුරු බලා සිටීම අවශ්‍ය නැති බවත් ඒ මහතා කීය.