ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලින් ඉල්ලීමක් කරනවා.
ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයෙකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවන්ගෙන් ණය තත්ත්ව පිළිබඳ වාර්තා සැපයීමක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ(23) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට එක්වෙමින්.
Share this: