ඉදිරියේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් සභාපතිධුරය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (16) පැවති ක්‍රීඩා හමුවකදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් සභාපතිධුරයට තමන් කිට්ටුවෙන්ම සිටින බවයි.
8වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය සඳහා සහභාගි වන නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය විද්‍යාලයේ එස්. එච්. පී හසරංගි ක්‍රීඩිකාවට මුල්‍ය අනුග්‍රහය දැක්වීම සඳහා මෙම ක්‍රීඩා හමුව සංවිධානය කර තිබිණ.
ක්‍රිකට් සභාපතිධුරයට ඉදිරිපත් වීම ගැන වූ ස්ථීර තීරණය ඉදිරි සති දෙකේදී ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ අනවශ්‍ය දේවල් පසුගිය කාලයේදී සිදුවූ බවත්, ඒවා නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න සහයෝගය දිය යුතුයයි කියන අදහසේ තමන් සිටින බවත් රණතුංග මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන ලෙසට මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ ඉල්ලීම් ලැබෙන බවත්, එකී ඉල්ලීම් ගැන 96 ජයග්‍රාහී කණ්ඩායම සමග සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
දේශපාලනඥයින් ක්‍රීඩාවට සම්බන්ධ වීම ගැටළුවක් නොවන නමුත් ක්‍රීඩාව දේශපාලනීකරණය විය යුතු නැති බවත්, එලෙස දේශපාලනීකරණයවීම නිසා ක්‍රීඩාව විනාශ වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
අද වන විට ක්‍රීඩකයින්ගේ විනය පිරිහී ඇති බවත්, තමා පිතිකරුවෙකු ලෙස නොම්බර 4 ක්‍රීඩා කර අවසානයේ අන්තිම වෙනකොට නොම්බර 7 ක්‍රීඩා කළ බවත්, එසේ කරනු ලැබුවේ අනිත් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට බවත් රණගුංග මහතා සිහිපත් කළේය.
එසේ වුවද පසුගිය කාලයේ සංගක්කාර හැමදාම නොම්බර 3 හි ක්‍රීඩා කළ බවත්, මහේල ජයවර්ධන නොම්බර 4 ක්‍රීඩා කළ බවත්, තරුණ ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ඉඩක් නොදුන් බවත් රණතුංග මහතා කියා සිටියේය.
තමා ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් දොස් කියන්නේ ක්‍රීඩකයින්ට නොව පරිපාලකයින්ට බවත්, හිටපු අතුරු කමිටු සාමාජිකයින්ට බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ ගොල්ලන්ට අවශ්‍යවී තිබුණේ එක එක ක්‍රීඩකයන්ව සතුටු කර පෞද්ගලික ලාභ ලබාදීම බවත් පෙන්වා දුන්නේය.
කණ්ඩායමක් ලෙස ජයග්‍රහණ ලබා ගන්න බැරි වූ බවත්, මේ නිසා අපි ප්‍රතිපත්තියක් ලෙස රටට ක්‍රීඩා කිරීම පළමු අරමුණ බවට පත් කරන බවත්, මුදල- තානාන්තර දෙවැනි තුන්වැනි කාරණා බවත්, පළමු දෙය රටට ක්‍රීඩා කිරීම බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම අද දෙරණ