ලබන වසර මුලදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමතිවරයා හා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් අතර පැවැත්විණ.
එහිදී නව අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු ක්‍රිකට් කවුන්සිලයෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම කියා සිටියේ එය අතුරු කමිටුව හා තමන් මැදිහත්වීමෙන් සුහදව විසඳාගන්නට කටයුතු කරන බවයි.
තවද, ක්‍රිකට් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය දැනුම්දුන් බවද හෙතෙම පැවසීය.
අද පැවැති සාකච්ඡාවට උපාලි ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන්ද සිල්වා, අසංග සෙනෙවිරත්න, අජිත් පැස්කුවල් හා හිරන්ත පෙරේරා යන අය සහභාගි වීය.
Share this: