ඊයේ (19) ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතී, 3 වන එක්දින තරඟය අතරතුරේදී පිටියෙන් ඉවත, කිසියම් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් තරඟය මඳ වේලාවක් නතර කර තැබීමට සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා පවසයි.
ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් තරඟය තාවකාලිකව නතර කළ අතර පසුව ටික වේලාවකින් තරඟය ආරම්භ කිරීමට කටයුතු කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා කියා සිටියේ පිටියෙන් එපිට යම් උණුසුම් තත්ත්වයක් ඇති වුවද පොලිසිය සහ ආරක්ෂක අංශ එය පාලනය කිරිමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් එම තරඟයෙන්, පහසු ජයක් පකිස්ථානයට හිමි වූ අතර, පකිස්ථානය කදුළු 4 ට ලකුණු 316 ලබාගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුයේ පන්දු වාර 41.1 සියලුදෙනාම දැවී ලකුණු 181 පමණි.
මෙහි දී, ලහිරු තිරිමාන්න, ලකුණු 56 ලබා ගත අතර, ලකුණු 77 ලබා ගත, සෆ්රාෂ් අහමඩ් තරඟයේ විරයා විය.