ක්ෂය රෝගය සතියට පුද්ගලයන් ‌4ක් මැරෙන තැනට උත්සන්න වෙයි!

ක්ෂය රෝගය සතියට පුද්ගලයන් ‌4ක් මැරෙන තැනට උත්සන්න වෙයි!

ක්ෂය රෝග මර්දන සහ ශ්වසන රෝග සඳහා වන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස තුළ ප්‍රමාණය ඉක්මවා අධික පිරිසක් ජීවත්වීම සහ අපිරිසුදුකම නිසාවෙන් ක්ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවන බවයි.

දැනට ලංකාවේ බෝවන රෝගවලින් වැඩි මරණ ප්‍රමාණයක් සිදුවන්නේද ක්ෂය රෝගය නිසා බව  ඔහු වැඩි දුරටත් පවසයි.

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසන්නේ මෙම තත්ත්වය නිසාවෙන් සතියකට ක්ෂය රෝගය හේතුවෙන් පුද්ගලයන් 4දෙනෙකු පමණ කොළඹ නගර සභා බලප්‍රදේශයන් තුළ මිය යන බවයි. මේ වසරේ කාලය තුළ ක්ෂය රෝගින් 6000ක් පමණ වාර්තා වී ඇත.

Share this: