ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව 11/24 දින පස්වරුවේ ප්‍රකාශයට පත් කොට ඇති බව වාර්තා වෙයි.
ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදී මෙලෙස ක්‍රිකට් ආයතනය එසේ සිදුකර ඇත.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියට මෙම සංචිතය මීට දින කීපයකට පෙර යොමු කළත් අනුමැතිය නොදීම හේතුවෙන් මෙසේ සිදුකළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
Share this: