කළු දුමාරය පිට කරන කොළඹ වාහන!

කළු දුමාරය පිට කරන කොළඹ වාහන!

බස්නාහිර පළාත තුළ සිදු කළ අහඹු පරීක්ෂාවකදී වාහන දුම් පරීක්‍ෂණයෙන් අසමත් වූ වාහන විශාල ප්‍රමාණයක් හඳුනා ගත් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජානක සඳහන් කළේ, ලබා දී ඇති කාලසීමාව තුළ කළු දුමාරය විමෝචනය නොකිරීමට කටයුතු නොකරන අදාළ වාහන අසාදු ලේඛනගත කරන බවයි.

2023 පෙබරවාරි 01 සිට හෝමාගම, කොට්ටාව, බේරුවල, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, ගුණසිංහපුර, කිරුළපන, ජා-ඇල, නිට්ටඹුව සහ බැස්ටියන් මාවත යන ප්‍රදේශවල අහඹු පරීක්ෂණ සිදු කරමින් බස්නාහිර පළාතේ වාහන 1,127ක් පරීක්ෂාවට ලක් කර ඇත.

ඒ අතරින් වාහන 704ක් වායු විමෝචන පරීක්ෂණයෙන් සමත් වූ අතර වාහන 403ක් පරීක්ෂණයෙන් අසමත් වූ බව දසුන් ජානක මහතා පෙන්වා දුන්නේය.

අප්‍රේල් 01 වැනිදා වන විට අසාදු ලේඛනගත කිරීමට නියමිත වාහන ගණනාවක් තිබෙන බව ඔහු පැවසීය.

Share this: