කළු කොටියා අද මිය ගොස්

කළු කොටියා අද මිය ගොස්

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන ප්‍රදේශයේ වගා බිමක අටවා තිබු මද්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගොස් තිබෙනවා.

එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මද්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගනු ලැබුවා.

එම මද්දට හසුවීමෙන් තුවාල ලබා සිටි කළු කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදැසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් සඳහන් කර සිටියේ.

Share this: