කළුතර ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළක් සහ තවත් පුද්ගලයෙකු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබදව කාමර කුලියට ගත් තට්ටු පහක ගොඩනැගිල්ලක තෙවැනි මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියකගේ නිරුවත් මළ සිරුරක් මැයි 06 වැනිදා පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සොයා ගැනිණි. .
මියගිය දැරිය කළුතර – නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බවට හඳුනාගෙන ඇති අතර, මළ සිරුර මියගිය දැරියගේ දෙමාපියන් විසින් හඳුනාගෙන තිබුණා.
Share this: