කළුතර පාසල් සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

කළුතර පාසල් සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

කළුතරදී 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය මැයි මස 06 වනදා කළුතර, ප්‍රදේශයේ මහල් පහකින් යුත් හෝටලයක තුන්වන මහලෙන් වැටී මිය ගිය 16 හැවිරිදි දැරියකගේ නිරුවත් මළ සිරුරක් කළුතර දුම්රිය මාර්ගය අසල තිබී සොයා ගන්නා ලදී.

කළුතර, ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ධනුෂ්ක ගයාන් සහබන්දු නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැයි 09 වැනිදා එනම් තරුණියගේ සිරුර සොයාගෙන දින තුනකට පසුවය.

Share this: