කළුතර තරුණියගේ මරණයට සම්බන්ධ හෝටලය “නීති විරෝධී ඉදිකිරීමක්”

කළුතර තරුණියගේ මරණයට සම්බන්ධ හෝටලය “නීති විරෝධී ඉදිකිරීමක්”

16 හැවිරිදි පාසල් සිසුවියක් වැටී මියගිය පස්මහල් ගොඩනැගිල්ල ‘නීති විරෝධී’ ඉදිකිරීමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සලකයි.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ල අණපනත් කිහිපයක් උල්ලංඝනය කරමින් ඉදිකර ඇති බවයි.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රශ්නගත ඉදිකිරීම්වල නොගැලපීම් 9ක් ලැයිස්තුගත කළ අතර, කළුතර මහ නගර සභාවේ අනුමැතිය මීට පෙර ලබාගෙන නොතිබූ බවද සඳහන් කළේය.

මේ අතර නව යොවුන් වියේ දැරිය භාවිත කළ ජංගම දුරකථනය සොයා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මැයි 12 වනිදා පස්වරුවේ කළු ගඟේ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.

පසුගිය මැයි මස 06 වන දින කළුතර, ප්‍රදේශයේ මහල් පහකින් යුත් හෝටලයක තුන්වන මහලෙන් වැටී මිය ගිය 16 හැවිරිදි දැරියකගේ නිරුවත් මළ සිරුරක් කළුතර දුම්රිය මාර්ගය අසල තිබී සොයා ගන්නා ලදී.

Share this: