කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබදව පිහිටි කාමර කුලියට ගත් තට්ටු පහක ගොඩනැගිල්ලක තෙවැනි මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියකගේ නිරුවත් මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරකට අනුව 06 වැනිදා රාත්‍රියේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බව කළුතර දකුණු පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකි.
පොලිසිය සඳහන් කළේ මියගිය සිසුවියගේ දෙමාපියන් විසින් සිරුර හඳුනාගෙන ඇති බවයි.
Share this: