කවුරුත් බෑ කිව්වොත් ශී‍්‍රලනිපයෙන් මම ඉල්ලනවා

කවුරුත් බෑ කිව්වොත් ශී‍්‍රලනිපයෙන් මම ඉල්ලනවා

ඉදිරි ජනපතිවරණයට ශී‍්‍රලනිපයෙන් කිසිවෙක් ඉදිරිපත් නොවේ නම් තමා තරග කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.

බොරැුල්ලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ මන්තී‍්‍රවරයා තව දුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ ද කීය.

මම හොඳ ශී‍්‍ර ලංකාකාරයෙක්. දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයා කීවොත් වැරදි නෑ. මට 1982 වසරේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකකම ලැබුණා. එදා සිට අද දක්වා එහෙට මෙහෙට පනින්නේ නැතිව කටයුතු කරනවා.

අලූත් පක්‍ෂ බිහිවෙනවා. එහෙත් ඒවාට ආයු කාලය අඩුයි. මතකද? රාජාලියා කියා පක්‍ෂයක් ආවා. වේගයෙන් අපේ අය එයට බැඳුණා. එහෙත් දැන් කෝ ඒ රාජාලියා. එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තවමත් තිබෙනවා. මමත් පහුගිය කාලයේ ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්වී කටයුතු කළා. ඒකාබද්ධ විපක්‍ෂය කියන්නේ පක්‍ෂයක් නොවේ. ශී‍්‍රලනිපය එදා ලක්‍ෂ පහළොවක් පමණ ඡන්ද ගත්තා. ඉදිරි ජනාධිපතිවරණයේදී ඊට වඩා ගැනීමට හැකිවෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයො කවුරු මොනවා කීවත් හෙළවෙන්නේ නෑ. එයාලට ඕන පක්‍ෂය තුළින් රාජ්‍ය නායකයෙක් බිහිකරන්නයි. අපේ අනාගත පරපුරට පක්‍ෂය ආරක්‍ෂා කරදීමට අපගේ අපේක්‍ෂකයකු ඉදිරිපත් විය යුතුයි.

කුමාර වෙල්ගම කියන්නෙ කෙලින් වැඩ කරන ඇත්ත කතා කරන පුද්ගලයෙක් බව ජනතාව දන්නවා. ජනතාවට මාව විශ්වාසයි. පක්‍ෂය තුළින් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නොමැතිනම් මා ඉදිරිපත් වෙනවා. ජනාධිපතිතුමා අප සමග මේ බව සාකච්ඡුා කර නෑ. මම කාරක සභාවෙත් හිටියා. මා යූඑන්පී හවුලට නොගිය නිසා මගේ උප සභාපතිකමත් අහිමි කළා. හොඳ වෙලාවට සාමාජිකත්වයෙන් මාව ඉවත් කළේ නෑ. මේ වන විටත් ජනාධිපතිතුමා මා සමඟ කිසිම අමනාපයක් නෑ. එහෙත් ජනාධිපතිතුමා මා හට එක් දිනක පැවසුවේ ‘‘ඔබ මට 2015 දී හොඳ හැටි පහර දුන්නා. නමුත් මම ඔබට කිසිවක් කළේ නෑ. එහෙත් ඔබ වෙනත් අයකුට ඒ දේ කළානම් අතපය කඩල මහ මුහුදට දමාවි කියා’’ අපි බලන්නේ අපගේ සභාපතිතුමාගේ තීන්දුවයි.

මම අවුරුදු 37 ක් දේශපාලනයේ කටයුතු කරනවා. මට හොඳ පැහැදිලි ඉදිරි දැක්මක් තිබෙනවා. වසර 25 ක් පාර්ලිමේන්තුවේ සිටිනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය රැුකගැනීමට ඕනැම කැපවීමක් කිරීමට මා සූදානමින් සිටිනවා. මට චන්ද්‍රිකා මැතිණියත් මුණගැසුනා. එතුමිය පවසන්නෙත් මේ පක්‍ෂය රැුකගත යුතුයි කියා. එතුමියගේ දෙමාපියන් හදපු මෙම පක්‍ෂය

රැුකගැනීමට එතුමියටත් දැඩි ඕනෑකමක් තිබෙනවා.

Share this: