කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දූපත් 11ක් වසර 30 සිට – 99 දක්වා කාලයක් පෞද්ගලික අංශය වෙත බදු පදනම මත ලබාදීමට සැලසුම් කර ඇත.
එම ඉඩම් බදුදීමට පෙර කල්පිටිය දූපත් ආශ්‍රිතව දිගුකාලීනව ජලය, විදුලිය හා ප්‍රවාහන, වැනි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එමඅධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මල්රාජ් කිරිඇල්ල මහතා පැවසුවේ ඉඩම් හා ජීවනෝපාය අහිමි වීම ගැන එහි වෙසෙන ධීවර ජනතාව සමග සාකච්ඡා කර සුහදශීලි විසඳුමකට පැමිණීම ගැන ද අවධානය යොමුකරන බවයි.
එසේම මේවන විට ද බලධාරීන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඉඩම් බදු දීම හා යටිතල පහසුකම් සංවර්ධනයට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කෙරෙහි ද අවධානය යොමුව ඇත.
Share this: