කරූ අගරදගුරු හිමිපාණන් මුණගැසෙ

කරූ අගරදගුරු හිමිපාණන් මුණගැසෙ

නව පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක අශිර්වාද ලබා ගෙන තිබේ.

ඒ අනුව කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ අගරදගුරු නිල නිවසට ගොස් උන්වහන්සේ බැහැදැක ඇති අතර, එහිදී අගරදගුරු හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ කථානායක ධුරය සඳහා කරූ ජයසුරිය මහතා සුදුසු පුද්ගලයෙකු බවයි.

ගෞරවනීය පාර්ලිමේන්තුවක් බිහිකිරීමට කැපවන බව කරූ ජයසූරිය මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

තවද කෙටි කාලයක් තුළ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කළ ආකාරයෙන්ම ස්වාධින කොමිෂන් සභා ද පිහිටුවීමට කටයුතු කරන බව කථානායකවරයා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හට ප්‍රකාශ කර තිබේ.

Share this: