කරුණාගේ ප්‍රකාශය ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි

කරුණාගේ ප්‍රකාශය ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි කරුණා අම්මාන් ඉන්දියානු රූපවාහිනී සාකච්ඡාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.

ප්‍රභාකරන්ගේ හිස්කබලේ කොටසකට හානී සිදුවී තිබු බැවින් මෙය සියදිවි හානිකරගැනීමක් විය නොහැකි බවත් ප්‍රභාකරන් සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේ නම් වෙඩි උණ්ඩය හිස්කබලේ අනෙක් පසින් පිටව යා යුතු බවත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

Share this: