කයිට්ස් ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් ගෙල වැලලාගනියි

කයිට්ස් ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් ගෙල වැලලාගනියි

කයිට්ස් ප්‍රදේශයේ පුද්ගලයෙකු තම නිවසක් තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මළ සිරුර සොයාගෙන ඇතේ කයිට්ස් පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී බව සඳහන්ය.

තවද මියගිය පුද්ගලයා 42 හැවිරිදි කයිට්ස් ප්‍රදේශයේ ජීවත්ව සිටි අයෙකු බව වාර්තා වෙයි.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කයිට්ස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදු විමර්ශන සිදුකරයි.

Share this: