කම්පනයෙන් මිය ගිය ගණන 3500 ඉක්මවයි

කම්පනයෙන් මිය ගිය ගණන 3500 ඉක්මවයි

නේපාලයේ ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ, භූ කම්පනයෙන් පුද්ගලයින් 3617 දෙනෙකු මියගොස් තවත් 6500 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශ වලට මේ වනවිට ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟා වී ඇති අතර එම ප්‍රදේශ වලින් මියගිය සහ තුවාල ලැබුවන් පිළිබඳ තවදුරටත් වාර්තා විය හැකි බව නේපාල ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන අතර, නේපාලයේ සංචාරය කළ රටවල් රැසක විදේශිකයන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

ඕස්ට්‍රේලියානුවන් 349 දෙනෙකු, කොලොම්බියානු ජාතිකයින් 07 දෙනෙකු, ප්‍රංශ ජාතිකයන් 674 දෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් සිය ගණනක් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර චීනය කොලොම්බියාව, ඉන්දියාව සහ අමෙරිකාව යන රටවල සංචාරකයින් පිරිසක් මියගොස් ඇත.

එක්සත් ජාතින්ගේ සංවිධානය පවසන්නේ ළමුන් මිලියනයකට පමණ හදිසි මානුෂිය ආධාර අවශ්‍ය වී ඇති බවයි.

මේ වනවිට ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායම් සහ සහන කණ්ඩායම 30ක් පමණ නේපාලයට ගොස් ඇති අතර රටවල් රැසකින් ආහාර සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී ඇත.

කත්මණ්ඩු ගුවන්තොටුපළේ පවතින අඩු පහසුකම් හේතුවෙන් ගොඩබෑමට අවසර ලැබෙන තෙක් රටවල් රැසක ගුවන් යානා සූදානම්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.

Share this: