කබ්රාල්ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ!

කබ්රාල්ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම අප්‍රේල් 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

හිටපු මහ බැංකු ප්‍රධානියා විසින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රාජිත කීර්ති තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ඊයේ (16) යළි ආරම්භ කෙරුණා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කළේය.

ඊට අදාළව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාව පිළිබඳ නියෝගයක් අප්‍රේල් මස 6 වැනිදා නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Share this: