මෙතෙක් කල් කොළඹ නගරයේ සැරිසැරු, කප්පම් සහ මංකොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් සමත්ව ඇත.
පොලිස් මාධ්‍ය අංශය සදහන් කළේ, මෙම කල්ලියේ හත් දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සතුව තිබී පිස්තෝලයක්ද හමුවූ බවත්ය.
මෙම කල්ලිය විසින්, මට්ටක්කුලියේ ව්‍යාපාරික ආයතනයක්ද ඉකුත් 11 වෙනිදා කොල්ලකා තිබේ.
සේවකයන් බැද රුපියල් ලක‍්ෂයකට අධික මුදලක් කොල්ලකා ඇති අතර එම කල්ලි නායකයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කර ගෙන තිබේ.
Share this: