කඳුකරය ආශ්‍රිත කැලෑ ගිනි තැබීම් තවදුරටත් වර්ධනයවෙයි

කඳුකරය ආශ්‍රිත කැලෑ ගිනි තැබීම් තවදුරටත් වර්ධනයවෙයි

මධ්‍යම කඳුකරය ආශ්‍රීතව කැලෑ ගිනි තැබීම් තවදුරටත් වර්ධනය වී ඇති බව වාර්තාවෙමින් පවති.

මේ දිනවල දිවා කාලයේ මධ්‍යම කඳුකරයට පවතින දැඩි වියළි කාලගුණික තත්වය මත ඇතැම් පුද්ගලයින් රක්ෂිත වලට යළි ගිනි තබන බව පොලිසිය සඳහන් කළේය.

පවතින වියළි කාලගුණයත් සමඟ ගිනි පැතිරිම වර්ධනය වන අතර ගින්න මැඩ පැවැත්විම ද අපහසු වී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
ඊයේ(20) පස්වරුවේ සෙන් කෙයර් දිය ඇල්ල ආසන්න රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කරයකට අසන්න පමණ ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ.

කෙසේ වෙතත් රක්ෂිත වලට ගිනි තැබිමෙන් වළකින ලෙසත්, එලෙස ගිනි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කර සිටියේය.

Share this: