කන්නි විග්නරාජාගේ ප්‍රසාදයක් ලැබුණ ලංකා කාරණාව!

කන්නි විග්නරාජාගේ ප්‍රසාදයක් ලැබුණ ලංකා කාරණාව!

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්, සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා ශාන්තිකර කාර්යාංශයේ අධ්‍යක්ෂිකා කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකා සමාජ දේශපාලන සංවර්ධන සැලැස්ම අගය කරන බව ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඇය මේ බව පැවසූ බව පවසා තිබේ.

කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාව යලිත් නිවැරදි දිශාවට ගමන් කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ආධාර අඛණ්ඩව සිදු කරන බවට සහතික විය.

Share this: