කන්කසන්තුරේ ජනාධිපති මන්දිරය ජනසතුවේ

කන්කසන්තුරේ ජනාධිපති මන්දිරය ජනසතුවේ

ජනාධිපති මන්දිරයක් සදහා යාපනයේ, කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ඉදිවන ඇති සුපොක බෝගී මන්දිරය තමන් හට අවශ්‍ය නැතිබවත් එය ජනසතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමට ඊයේ සහභාගි වු ජනාධිපතිවරයා අදාළ මන්දිරය පිළිබඳ සොයා බැලීමෙන් පසු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි ගෘංහ අලංකරණ කටයුතු සදහා පමණක් රුපියල් කෝටි 250 ක මුදලක් වැය කරමින් එහි ඉදිකිරීම් සිදුකිරීමට සැලසුම් කර තිබු අතර ඉන් සියයට 90 ක පමණ වැඩ අවසන් කර ඇත.

අක්කර සියයක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මන්දිරය සුඛෝපබෝගී කාමර 20ක්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන 02ක්, පිහිනුම් තටාක 02ක්, ශ්‍රවනාගාර, රැස්වීම් ශාලා ඇතුළු අංග කිහිපයකින් සමන්විතය.

මෙහි ඉදිකිරීම් වලට නාවික හමුදාවේ සෙබළුන් 300ක් පමණ නිරතව සිටිති.

එවැනි සුඛෝපභෝගි මන්දිර වල වාසය නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයට පෙර ද ප්‍රකාශකර තිබුණි.

එසේම ලබාදුන් පොරොන්දු ඉටුකර මිසක් අරලියගහ මන්දිරයට ද නොයන බව ජනාධිපතිවරයා ඉකුත් මැතිවරණ සමයේදී පවසන ලදී.

Share this: