19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ නායකයින් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ හෙට(17) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
තමන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව කථානායක චමල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාව ලබාදී ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Share this: