කතුන්ට අසභ්‍ය පණිවිඩ ඒවා පොලිසියට හසුවේ

කතුන්ට අසභ්‍ය පණිවිඩ ඒවා පොලිසියට හසුවේ

කටුපොත, නෙළුම්කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කාන්තාවන්ගේ ජංගම දුරකථන වලට අසභ්‍ය කෙටි පණිවිඩ එවමින් හිරිහැර කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළත උතුර අපරාධ කොට්ඨාසය ලැබුණු පැමිණිලි වලට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී අදාළ කෙටි පණිවිඩ යැවීම සඳහා යොදාගත් ජංගම දුරකථන 3ක්, සිම්පත් 4ක් සහ වෙනත් පුද්ගලයකුට අයත් ජාතික හැඳුනුම්පතක් පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: