කතානායක ජනපති අපේක්ෂකත්වයට ඉල්ලීමක් කර නෑ

කතානායක ජනපති අපේක්ෂකත්වයට ඉල්ලීමක් කර නෑ

කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට ඊයේ (20) ප්‍රධාන ජාතික පුවත්පතක පළව ඇති පුවත නිවැරැදි නොවන බව කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශ්ව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් තමන් විසින් පසුගිය (සැප්තැම්බර් 17) දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළ බවත් එමගින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් දක්වා ඇති නමුත් එය ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Share this: