කත්මණ්ඩු අගනුවර ආසන්නට තවත් භූ කම්පනයක්

කත්මණ්ඩු අගනුවර ආසන්නට තවත් භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක් නේපාලයේ, කත්මණ්ඩු අගනුවර ආසන්නට සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කත්මණ්ඩු අගනුවරට කිලෝ මිටර් 60ක් පමණ දුරින් වු ප්‍රදේශයක භූ කම්පනය සිදුව ඇති බවයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.7 ක් ලෙස සටහන් වි ඇති බව සඳහන්වන අතර, ඉන්දියාව, බංගලාදේශය යන රට වලටද එම භූ කම්පනය දැනි ඇති බව වාර්තා වෙයි.

තවද, එම භූ කම්පනයෙන් සිදුවු හානිය පිළිබදව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඊයේ ඇතිවු භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 2000ක් පමණ මියගොස් ඇති බව නේපාල බලධාරින් සඳහන් කර තිබේ.

Share this: