කතරගම දේවාලය වසා දමයි

කතරගම දේවාලය වසා දමයි

කතරගම මහා දේවාලය ඊයේ (12) සිට වාසා දැමීමට කටයුතු කළ බව එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා මාධ්‍යට පවසා තිබේ.

එහි රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම තීන්දුව ගත් බවද ඔහු පවසා ඇත.

ප්‍රධාන කපු මහතා පවසන්නේ කිසිදු බැතිමතෙකුට මළුවට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවයි.

දේවාලය තුළ සිටින කපු මහත්වරු පමණක් දෙවියන්ට පුද පුජා පවත්වන බවත්, පවතින කොවිඩ් තත්ත්වය පාලනය වන තුරු සියලු බැතිමතුන් දේවාල භූමියට පැමිණීමෙන් වළකින ලෙසත් කපුමහතා ඉල්ලීමක් කර තිබේ.

මෙලෙස ආසාදිත බවට තහවුරුවී ඇත්තේ පසුගිය දිනක මහා දේවාලයේ සේවකයන්ගෙන් අහඹු ලෙස ලබාගත් පීසීආර් පරීක්ෂණ පහෙන් තුනකි.

Share this: