කතරගම දේවාලයට දේශපාලනය එපා !

කතරගම දේවාලයට දේශපාලනය එපා !

සම්පුර්නයන්ම දේශපාලනිකරණය වී රුහුණු මහා කතරගම දේවාලය, දේශපාලන බලපෑම්වලින් තොර ස්ථානයක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා බුද්ධ ශාසන අමාත්‍යවරයාට නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒසේම බස්නායක නිළමේවරයෙකු ලෙස පත් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පළාත්සභා මන්ත්‍රීවරයෙකු හා පළාත් පාලන ආයතන සභිකයෙකු වීම නුසුදුසු කමක් බවබෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන් වුව ද එය පසුගිය රජය සමයේ අවලංගු කර තිබේ.

බස්නායක නිළමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 5කි.එය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාට බලතල හිමි ය. පසුගිය සමයේ එය ක්‍රියාත්මක වුව ද ඉදිරියේදී එය බල රහිත කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසූරීය මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියොජිතායතනය කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Share this: