කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා යයි!

කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා යයි!

කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලාගොස් තිබෙනවා.

සැකකරු ව්‍යාජ නමකින් ඩුබායි වෙත යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ එහිදී පොලිසියට හසුවී පලාගොස් ඇත.

සැකකරු මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වූ අතර ඔහුට ගුවන් ගමන් තහනමක්ද පනවා තිබුණා.

නීතීඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Share this: