කටුනායකින් නවතම සොයාගැනීමක්

කටුනායකින් නවතම සොයාගැනීමක්

පසුගිය සුදසමයේ ගුවන් හමුදාව විසින් බිම හෙළන ලද එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක තිබූ බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

ගුවන් හමුදා කඳවුර ආසන්නයේ එළිපෙහෙලි කිරීමේ කටයුතුවල නිරතව සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසකට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇති බව සඳහන්ය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ ඒවා බැරලයක් තුළ බහා තිබු බවයි.

තවද, පුපුරණ ද්‍රව්‍ය තොගය ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අද දිනයේ නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බව ගුවන් හමුදාව පැවසුවේය.

Share this: