කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට යවයි

කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට යවයි

මැයි 04 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට හරවා යැවූ ගුවන් යානා පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම ජාතික ගුවන් සේවය පවසන්නේ මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL 605 දරණ ගුවන් යානය කටුනායකට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතව තිබූ අතර එය මත්තලට හරවා යවා ඇති බවයි.

ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුව ඔවුන්ගේ පියාසැරි රාජකාරි කාල සීමාවට ළඟා වී තිබීම නිසා ගුවන් යානය තවදුරටත් මත්තල ගුවන් තොටුපළේ රැඳී සිටීමට සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පැහැදිලි කළේය.

Share this: