ඉන්දීය ධීවරයින් කච්චතිව් දූපත අවට ප්‍රදේශයේ නීති විරෝධික්‍රමවලට මසුන් අල්ලන බවට කන්කසන්තුරේ ධීවරයින් චෝදනා එල්ල කරයි.
ඒ ආකාරයට නීති විරෝධි ක්‍රමවලට මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍යයින්ගේ බෝවීම නිසි ලෙස සිදුනොවන බව එම ධීවරයින්ගේ මතයයි.
රාමේෂ්වරම් සිට කච්චතිව් දූපත අවට ධීවර කටයුතු සඳහා පැමිණෙන ඉන්දීය ධීවරයින් පවතින නීති නොතකා මසුන් ඇල්ලීම හේතුවෙන් මූහුදු පතුලේ ගල්පර විනාශවීම සිදුවේ.
නමුත් එහි ශ්‍රී ලාංකික ධීවරයින් සාම්ප්‍රදායික ක්‍රමවලට මසුන් ඇල්ලීම සිදුකරයි.
මසුන් බෝවන්නේ මෙම ගල්පර අතරය. ඒවා විනාශවීම මසුන් බෝවීමට බාධාවකි. මේ පිළිබඳ රාජ්‍ය මට්ටමින් එරට ධීවරයින් දැනුවත් කිරීම අවශ්‍යය.
මේ පිළිබඳ ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනය කළ විමසීමකදී ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසාසිටියේ මේවන තෙක් නීති විරෝධික්‍රමවලට මසුන් අල්ලන ධීවරයින් පිළිබඳ වාර්තාවක් නොගත් බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණයක් ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා කියාසිටියේය.