ක ඖෂධ පනත සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ඒ සම්බන්ධයෙන් වන විවාදය හෙට(04) දිනයේ පැවැත්වීමට නියමිතය.
එම විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිත අතර අනතුරුව එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට සැලසුම් කර ඇත.
පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවකදීම ජාතික ඖෂධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එය මගහැරී ගිය අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ ද එයට ප්‍රධාන තැනක් හිමිවුණි.
Share this: