නීති විරෝදිලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සරණාගතයින් පිරිසක් ඉන්දුනීසියාවට යළි හරවා යවා තිබේ.
පුද්ගලයින් 65 දෙනෙකු මෙලෙස ඉන්දුනීසියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අතර ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු , බංග්ලාදේශ ජාතකියන් දස දෙනෙකු සහ මියෙන්මාර ජාතිකයෙකු සිටින අතර, කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව සඳහන්ය.
යත්‍රා දෙකකින් මෙම පිරිස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර යාත්‍රා දෙක අනතුරට ද පත්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් ඔවුන් මේ වන විට ඉන්දුනීසියානු දූපතේ රැඳී සිටින බව වාර්තාවෙයි.
Share this: