ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද පැවති තරඟයෙන් ලකුණු 64 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
පන්දු වාර 50 තුල ලකුණු 376 ක් රැස් කල ඔස්ට්‍රේලියාව, පන්දු වාර 46.2 කදී ලකුණු 312 කට ශ්‍රී ලංකා පිල සීමා කිරීමට සමත් විය.මෙහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් රැස් කල අතර පාදයේ අබාධයකට ලක් වීම නිසා දැවී යාමට පෙර පිටියෙන් ඉවත් වීමට සිදු විය.
කුමාර් සංගක්කාර පන්දු 107කින් ලකුණු 104ක් ද, ඩිල්ෂාන් පන්දු 60 කින් ලකුණු 62 ක් ද රැස්කළ අතර,
තරඟයේ වීරයා වූයේ පන්දු 53දී ලකුණු 102 ක විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කල Glenn MAXWELL.
Share this: