කටාන, හල්පේ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකදී කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු දෙදෙනෙකුට පසුගියදා එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි.
කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා දැනට ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටින ඕමාන ජාතිකයෙකු බවට හඳුනාගෙන ඇත.
කටාන, හල්පේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට පසුගිය මාර්තු 30 වනදා කිසියම් පිරිසක් දරුණු සහ නින්දිත ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
මෙම පිරිස කම්හලට නීතිවිරෝධී ලෙස ඇතුළු වී කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ නිවසට කඩා වැදී ඇති බව JAAF නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Share this: