ඕමානයේ කාන්තාවන් වෙනත් කටයුතු සදහා යෙදවීම ගැන අනාවරණයක්!

ඕමානයේ කාන්තාවන් වෙනත් කටයුතු සදහා යෙදවීම ගැන අනාවරණයක්!

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන සුරක්ෂා හවුස් හි වෙසෙන කාන්තාවන්ගෙන් කළ විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය වූ බව ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවත් විදේස සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටියේය.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම සොයාගැනීම් මත කාර්යාංශය පනත උල්ලංඝනය කරන පුද්ගලයින්ට සහ මිනිස් ජාවාරමට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විමර්ශන නිලධාරීන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන සුරක්ෂා හවුස් හි වෙසෙන කාන්තාවන් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ අනුව ඊට සම්බන්ධ ජාවාරම් සැකකරුවන්ගේ අනන්‍යතාව මූලික වශයෙන් තහවුරු වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එක්ව කටයුතු කරමින් සිටී.

Share this: