ඔස්ට්‍රේලියාවෙන් නව වාර්තාවක්

ඔස්ට්‍රේලියාවෙන් නව වාර්තාවක්

මෙතෙක් ඉන්දීය කණ්ඩායම බර්මියුඩා කණ්ඩායමට එරෙහිව 2007දී කඩුලු 5ට ලකුණු 413ක්  වශයෙන් පවත්වාගෙන ආ වාර්තාව  අද බිඳ දැමීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඒ අද පවතී (04) ඔස්ට්‍රේලියාව සහ  ඇෆ්ගනිස්ථානය අතර පවතී පන්දුවාර 50 සමන්විත තරගයේදීය.

මෙවර තරඟාවලියේ මෙතෙක් පැවැති තරඟවලදී දකුණු අප්‍රිකාව විසින් අයර්ලන්තයට එරෙහිව ලකුණු 411ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාව ද ඒ අනූව අභිබවා යමින් ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 6ට ලකුණු 417ක් ලබා ගත්තේය.

මෙම තරඟයේදී ඩේවිඩ් වෝනර් ලකුණු    178ක්, ස්ටිවන් ස්මිත් ලකුණු 95ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 88ක් වශයෙන් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළහ.

ඒ අනූව මෙම තරඟය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 418ක ඉලක්කයක් හිමිව තිබේ.

Share this: